හුඟ කාලෙකින් සටහනක් දාන්න බැරි උනා. මොනවා කරන්නද? රස්සාවට කොළඹ ගියාම ඔහොම තමයි. දැන් සටහනක් ලියන්න වෙලාවක් ඉතිරි වෙන්නෙ නෑ. කරන්නේ රජයේ රැකියාවක් උනාට කාලය ගමනටම හරි. ගෙදර ආවත් මේක ලියන්න වෙලාවක් හොයාගන්න බෑ දැන්. නැත්නම් ලියන්න දේවල් නම් ගමකට :-)
රජයේ රැකියාවක් ලැබුණු නිසා කොළඹ ගියාට මට නම් කොළඹ ඒ තරම් අල්ලන්නේ නෑ. පහසුකම් අතින් නම් කොළඹ කියන්නේ දියුණුම නගරය, ඒත් ඉතින් ඉන්න හිටින්න බැරි තරම් රස්නෙයි මේ දවස්වල.දන්නවනේ ඉතිං රජයේ රැකියාවක් ගන්න තියන අමාරුව වගේම හම්බ උනාම මට හතර මහා නිධානෙ පහල උනා වගේනෙ අහන අයගේ කතාවත්. ඒ කතාවල ඇත්ත නැත්ත ඉතින් කට්ටිය දන්නවනේ ;-)
මගේ ජංගම දුරකථනය මොබයිල් බ්ලොග් වලට සහය දක්වන්නේ නැති නිසා එහෙමවත් මේකත් එක්ක ඉන්න විදිහක් නෑනෙ. මීට පස්සෙ ඉතිං වෙලාව ලැබෙන විදිහට තමයි ලියන්න වෙන්නේ.
ආ තව දෙයක් IntenseDebate Comment එක මම ඉවත් කරා. එහි කමෙන්ට් දාපු අය තරහ වෙන්න එපා හොෙඳේ. ඉඩ ඇති වෙලාවක මම ඒ කමේන්ට් ටික මේකට එකතු කරනවා. පොඩි අවුලකට තියෙන්නේ පරණ දිනේ දාන්න බැරි එක. පුළුවන් නම් උදව්වක් කරන්න.



