Wednesday, October 8, 2008

බ්ලොග් ආරක්ෂණ කලාප ?

මම බ්ලොග් කිහිපයක කමෙන්ට් කරද්දි දැක්ක දෙයක් නිසා මේක ලියන්න හිතුනේ. බ්ලොග් සටහන් ලිව්වට මේ අය අධි ආරක්ෂිත කලාපයක් හදාගෙන වගේ. අපෙ අදහස් දැක්වීම් සියල්ල ප්‍රකාශයට පත් ව‍න්නේ නිසි බලධරයාගේ අනුමැතියකින් පසුවයි. අනවශ්‍ය දේවල් තමන්ගේ බ්ලොග් සටහනට එකතු වීම වලක්වන්න වෙන්න ඇති මෙය ක්‍රියාත්මක කරන්න ඇත්තේ. නමුත් මට හිතෙන විදිහට ඒ නිසා නිසි විචාරයකට ලක්වීමේ ඉඩ අඩුයි.එහෙම අදහස් දැක්වීම් කරල තිබුණත් අපෙ අදහසට එකඟ නැතිනම් එය ඉවත දැමීමේ හැකියාව තිබෙන නිසා.
අදාල සටහන පළ වී සතියකට පමණ පසු මෙම comment moderation ක්‍රියාත්මක වෙනවනම් හොඳයි කියලයි මගෙ හැඟීම. බ්ලොග් ලියන්න පටන් ගන්න නවකයන්ට මෙය හොඳ දෙයක් විදිහට මම දකින්නේ නෑ. ලියන දේවල් වල අඩුපාඩු, විවේචන මෙන්ම දිරි දීම් බ්ලොග් කරුවකුට ඉදිරියට යාමට අවශ්‍ය දේවල් නිසා.

4 අදහස් දැක්වීම්:

Dhanu said...

Sahathika attha. Blogspot blogs wala Name/URL saha Anonymous enable karala nathi blogs wala mama kalathurakin thamai comments danne.

Chiran said...

හරි අයින් කළා!
දැන් එවන්න.

චන්දිම said...

ඔබ කියන දෙයට මමත් එකගයි චරිත.
හැබැයි මම නිතිපතා බලන http://defencewire.blogspot.com/ හා http://defencenet.blogspot.com/ යන බ්ලොග් අඩවි වල නම් මම කැමතියි එසැනින් moderating වෙනවානම්. හේතුව මේ අඩවි දෙකේම දකින්න පුලුවන් පිස්සො ඇවිත් ජාතිවාදය අවුලුවන, බ්ලොග් එකේ සාකච්චාව පීලි පන්නවන සටහන් දාන නිසා. හැබැයි මේ බ්ලොග් අඩවි දෙකම ඉතාම ඉක්මණින් යාවත්කාලීන් වෙන , comments 100-200 තියෙන සටහන් වලින් යුතු ඒවා.
මෙතරම් comments නොමැති බ්ලොග් වල නම් comments දමා දින කීපයකින් moderate කලානම් කමක් නෑ කියලයි මට හිතෙන්නෙ.

අනික තමන්ගෙ මතයට නියම ප්‍රතිචාර බලාගන්න ඔනි නම් moderating නැතුව තියෙනවනම් කියලයි මම හිතන්නෙ.
මගේ සටහන් moderate කරල නෑ-ඒත් මට බැනලාවත් කවුරුත් comments දාන්නෙ නෑනෙ :-)

චරිත said...

@චන්දිම
මගේ සටහන් moderation පටන්ගන්නෙ සටහන දමා සතියකින්. මට comments එන තරම අනුව තමුන්ටම තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනෙ moderate කරන්න ඕන දින ගාන.

Post a Comment

ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.