දිගටම වැස්ස හින්ද අද තමා සටහනක් දෙකක් ලියන්න පුළුවන් කාලගුණයක් තියෙන්නෙ.මොබිටෙල් එකෙන් දෙන උපහාර පැකේජය පැය එක හමාරක් විතර ඉඳල අම්මගෙයි අප්පච්චිගෙයි සිම් දෙක අරගත්ත. මේකේ ඉතිං 3G, Video Call, Internet, CLI, Missed Call Alert, IDD, WAP,GPRS, SMS කියන ඒවා Rental Free කියලනෙ කියන්නෙ.මම ඉතිං අපිට නිතර ඕන වෙන Missed Call Alert එක ක්‍රියාත්මක කරන්න බැලුවා. මේක වැඩ නෑ. පස්සෙ ඉතිං මොබිටෙල් එකට ඉ මේල් එකක් දාල ඒක ක්‍රියාත්මක කරව ගත්ත. අනික් ඒව වැඩ කරනවද කියන්න මම දන්නෙ නෑ.3G සහ Video Call වැඩ කරනවද දැනගන්න ෆෝන් එක 3G එකක් නොවෙන නිසා කියන්න මම දන්නෙ නෑ. IDD ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි,තිබ්බ කියල කාට කතා කරන්නද. හැබැයි මට කීප දෙනෙක්ම කිව්වා එයාලට IDD කෝල් ගන්න බෑ කියල. මට පේන විදිහට දැන් මේ පහසුකම් ටික ක්‍රියාත්මක කරවගන්නත් අපිට පස්සෙන් යන්න සිදුවෙලා.හුඟක් අයට මේ පහසුකම් අවශ්‍ය වෙන්නෙ නැති නිසා ක්‍රියාත්මක නොකරනවද කියන්න නම් මම දන්නෙ නෑ.
ස්මාට් කාඩ් පැකේජ කට්ටිය කිය කියනෙ හිටියෙ අපිට MCA පහසුකම දෙන්නෙ නෑ කියල.
මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බනෙ. මේ වැඩේදි තමයි දැනගත්තෙ කාඩ් පැකේජයන්ටත් දැන් MCA පහසුකම දෙන බව මම නම් ඒකත් active කර ගත්ත. හැබැයි මේව අපිට පස්සෙන් ගිහින් කරගන්න වෙලා තියන එක තමයි දුක.




2 අදහස් දැක්වීම්:
අයියෙ Missed Call Alert වලට Divert කරන්න ඕනා අංකය මොකක්ද??
මමත් ඕවා පරීක්ෂා කලේ නම් නෑ. ඒත් සිම් එක දාලා ටික වේලාවකින් GPRS සෙටිංස් ටික එහෙම ස්වයංක්‍රීයව ආවා....
@pvgm
GPRS settings ආව නිසා තමයි මම ඒ ගැන වෙනම කිව්වෙ නැත්තෙ. හැබැයි සමහරුන්ට මේකත් වැඩ නෑ.
Divert කරන අංකය - 0710111000
Post a Comment
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.