Monday, December 8, 2008

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ බ්ලොග් ලියන්න පටන්ගන්නෙ. මහ කාලයක් නෙවි. මාසෙකට විතර පස්සේ. නිහඬ වෙන්න හේතුව තමයි පරිගණකයෙ දෘඩ තැටිය හානි වීම නිසා ඉවත් කරන්න උන එක. අනික ලියන්න මාතෘකාවක් නොලැබුණු එක. අදත් ලියන්න හරිහමන් මාතෘකාවක් නෑ. මාසෙ තුල සිදුවුන සිදුවීම් පෙලක් තමයි ලියන්නෙ.

 

ඒ හානියෙන් තිබුණු හුඟක් මෘදුකාංග, ගීත, ලියකියවිලි ටිකකුත් නැතිවෙලා ගියා. සින්ක් සේවාවට පින්සිද්ධ වෙන්න තව ලියකියවිලි ටිකක් බේරාගන්න පුළුවන් උනා. තිබුණු එක පරණ එකක් නිසා අළුතෙන් එකක් මාට්ටු කරල විස්ටා දාල දුන්න.ඊට පස්සෙ ඒකෙ සිංහල ටයිප් කරන්න ගියාම තමයි මල පැන්නේ. පස්සෙ සමුහයට ගිහින් හොයද්දි විස්ටා Quickfix එක හම්බ උනා. ඒක දැම්මට පස්සෙ තමයි ගොඩ දා ගත්තෙ.

මම අන්තිමට ලිව්වෙ ෆයර්ෆොක්ස් ගැන විජය පරිගණක එකේ ගිය සටහනක් සම්බන්ධයෙන්. මම ඒක ලිව්වෙ සඟරාවෙ සටහන පදනම් කරගෙන මිසක් නැවත හෙවීමකින් තොරවයි. අදහස් දැක්වීම් වලදි තමයි ඇනගත්ත කියල හිතුනේ. පස්සෙ මම මේ ගැන පරිගණක සඟරාවෙන් අහල ඇරිය. අඩුම ගණනේ 5% කියන්නේ මොන මූලාශ්‍රය පදනම් කරගෙනද කියල එවන්න කියල. මම අදහස් දැක්වීම් වලදී බ්ලොග් සටහනට දාල තිබුණු ලින්ක් 2ත් දාලයි ඇරියේ මේ අඩවි අනුව 20% කියල. අද වෙනකම් පිළිතුරක් නෑ. මේ මාසෙ කතෘට ලියුම් වල ඔය ලිපියට එවපු පාඨක අදහසක් දාල තියෙනවා. ෆයර්ෆොක්ස් වල සැබෑව පේන්නෙ දැන් කියන අදහස දෙන. මම ඒක මේ සටහනට දාන්න යන්නෙ නෑ. ගන්න අය කියවන්න ඇතිනෙ. අඩුම තරමින් සඟරාව මයික්‍රොස්ෆ්ට් එකට කඩේ යනවා යැයි කරපු චෝදනාවටවත් පිළිතුරක් එවල තිබ්බෙ නෑ.

27 වෙනිදා මිනි මැරතන් එකක් තියන්න යනවා කියල දැක්කෙ සමූහය කියවද්දී. ඒකටත් සටහන් ටිකක් ලෑස්ති කරගන්න වෙයිනේ.

0 අදහස් දැක්වීම්:

Post a Comment

ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.