Saturday, January 3, 2009

නව වසරේ අළුත් වැඩක් :-)

මේ අවුරුද්දේ ලියන පළමු සටහන නිසා හැමෝටම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. විජය පරිගණක සඟරාව මේ පාර උබුන්ටු ගැන ලිපියක් පල කරල.උබුන්ටු වලට අනුග්‍රහය දක්වන මාර්ක් ෂට්ල්වර්ත් ගැනත් පොඩි විස්තරයක් දාල තියෙනවා. කියන විදිහට අපට “නිදහස් හා විවෘත කේත මෘදුකාංගවලින් වැඩ කරන හැටි” පාඩම් මාලා අතිරේකයක් ලබන කලාපයේ ඉඳන් බලාපොරොත්තු වෙන්න පුළුවනි. පහුවෙලා හරි මේ දේ කරන්න තීරණය කරපු එක හොඳයි. සමහර විට වැල යන අතට මැස්ස ගැහුව වෙන්න පුළුවනි :-)

4 අදහස් දැක්වීම්:

Bandula - බන්දුල said...

අගය කළ යුතුයි.

යූත්මැක්ස් said...

මම හිතන්නේ විජය පරිගණක - මයික්‍රොසොෆ්ට් ගිවිසුම දෙසැම්බර් වලින් ඉවර වෙන්න ඇති...;-)

Supun Budhajeewa said...

විජය පරිගණක මේවගේ දෙයක් පටන් ගත්ත එක හොඳයි. පාඨකයන් හොඳ සංඛ්‍යාවක් ඔව්න් සතුව ඉන්නා බව කියන නිසා, එකී පාඨකයන් FOSS වෙත යොමු කරගැන්මට හැකි වේවි.

මෙහෙයුම් පද්ධති ගැන කතා කරන විට, මම දැක්කා ශාකුන්‍තල අයියාත් කියල තියනවා වින්ඩෝස් වල සිට ලිනක්ස් වෙත එන්නෙකුට උබුන්ටු හොඳ ප්‍රවේශයක් කියලා. ඉතින් උබුන්ටු ගැනත් ලිපියක් යන එක හොඳයි.

නමුත්, පළ වන ලිපි වල ගුණාත්මකභාවය ගැන අපේ සංසදයේ අය සැලකිලිමත් වෙලා, එහි සංස්කාරක මණ්ඩලය සමග හොඳ අවබෝධයක් ගොඩනගාගෙන අපගේ අදහස් ඔවුන්ට ලබාදීම අපේ වැඩර්ලා යුතුකමක්.

චරිත said...

@යූත්මැක්ස් - පාඨකයෝ නැතිවෙයි කියල බයකුත් ඇතිනේ.

@ බුධාජීව - එහෙම දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි. පෙබරවාරි ඉඳන් පටන් ගන්නවයි කියන හින්දා කල් තියේවි :)

Post a Comment

ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.