බංග්ලාදේශ කණ්ඩායම සුළු කාලයක් තුල ලබා ඇති ප්‍රගතිය නම් ඇත්තටම පැසසිය යුතුයි. IPL තරඟාවලියට සහභාගි වීම නිසා ඔවුන්ට සිටි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කීප දෙනෙක්ම අහිමි නොවන්නට අපට මීට වඩා දරුණු පරාජයක් අත් වෙන්න ඉඩ තිබුණා.
ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ බොහොම අමාරුවෙන් බංග්ලාදේශය ඉදිරියේ ජාම බේරාගත්තා. අවසානයට තිබුණු සංචාර දෙකම ලංකාව ජාම බේරාගෙන ආවා කිව්වත් වැරදි නෑ. විශේෂයෙන්ම එක්දින තරඟාවලියේදී දැක්වූ දුර්වල පිතිකරණය මේ තත්වයට වැටෙන්න බලපෑ බව තරඟ නරඹපු ඕනැම කෙනෙක් දැක්ක දෙයක්. ඊයේ පැවති අවසන් තරගයේ සංගා, මහරූෆ් හා මුරලි හැරෙන්නට කිසිදු පිතිකරුවකු ලකුණු අතරට පැමිණියේ නෑ. මුරලිගේ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසා වෙන්න ගිය අවමානයෙන් ගැලවුනත් බංග්ලාදේශය වැනි අත්දැකීම් අඩු කණ්ඩායමක් ඉදිරියේ මෙලෙස බිඳවැටීම නම් එතරම් සුබ ලකුණක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. අපේ අතුරු පාලක මණ්ඩලයෙත් අර්බුද තිබුණා පමණක් නොවෙයි මේ වනවිට එයත් විසුරුවා හැර තිබෙනවා.




4 අදහස් දැක්වීම්:
IPL නෙවෙයි. ICL
නිවැරදි කිරීමට ස්තුතියි :)
ආව්.. බ්ලොග් එක ලස්සන වෙලා..අනේ කොහොම හරි දිනුවානේ ඒ මදිද?
බංග්ලාදේශය වැනි කණ්ඩායමක් ඉදිරියේ කොහොම හරි දිනුවයි කියල සතුටු වෙන්න පුළුවන්ද? ජය ගත්ත එක ගැන සතුටුයි වගේම මේ තත්වයට පත්වීම ගැන දුකයි.
ඔබේ ප්‍රශංසාවට ස්තුතියි :)
Post a Comment
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.