- ඔබ අදහන ආගම හා සම්බන්ධ ධර්ම පුස්තකයක් වසරක් ගෙවා හෝ මුල සිට අග දක්වාම කියවන්න.
- හොඳින් සවන්දෙන්න පුරුදුවන්න. ජීවිත වාසනාවේ ප්‍රස්තාව සමහරවිට තට්ටු කරන්නේ ඉතා සෙමින්ය.
- කෙනෙකුගේ බලාපොරොත්තු කිසි දිනෙක එම තැනැත්තාට අහිමි නොකරන්න. ඔහුට හෝ ඇයට ඇති එකම බලාපොරොත්තුව එය විය හැකිය.
- භවභෝග සම්පත් සඳහා නොව ප්‍රඥාව සහ ආත්ම ශක්තිය ලබාගැනීමට යාඤා කරන්න.
- යහපත් ඉරියව්වකින් සිටින්න. තැනකට ඇතුළුවිය යුත්තේ අවශ්‍යතාවක් සහ විශ්වාසයක් ඇතිවය.
- සෙනඟ ගැවසෙන තැනකදී ව්‍යාපාරය ගැන කතා නොකරන්න. කවරකු ඒවා අසා සිටිත්දැයි ඔබ නොදනී.
- යම් කාර්යයක් අවසාන වන්නට පෙර ඒ සඳහා ගෙවිය යුතු මුදල නොගෙවන්න.
- පූර්ණ යුද්ධය ජයග්‍රහණය ලබාගැනීම සඳහා එක් සටනක පරාජය භාර ගැනීමට මැළි නොවන්න.
- ඕපාදූප කතා නොකරන්න
- තමන්ට නැතිවන්නට කිසිවක් නැතැයි කියන අයගෙන් ප්‍රවේශම් වන්න.
- දුෂ්කර කාර්යයක් ඇතිවිට, එය අසාර්ථකවීම සිදුවිය නොහැකිය යන අදහසින්ම කටයුතු කරන්න.
- තමා ගැන ලඝුකොට නොසිතන්න. යමක් ප්‍රතික්ෂේප කරනවිට එය ආචාරශීලීව මෙන්ම ඉක්මනින් කරන්න.
- ජීවිතය නිතරම සුන්දරයි සතුටුදායකයි කියා නොසිතන්න. සමාව දීම තුල ඇති බලශක්තිය අවතක්සේරු නොකරන්න. ගැටළුව යන වචනය වෙනුවට වාසනාවේ ප්‍රස්තාව යන වචනය යොදාගන්න.
- බිරිඳ සමග අමනාප වූ කිසි දිනෙක ඒ නිවස හැර නොයන්න.
- සෑම දවසකම තිදෙනකුට ප්‍රසංශා කරන්න.
- අඩු වශයෙන් වසරකට එක් වරක්වත් හිරු නැඟීම නරඹන්න.
- ඔබේ උදය ආහාර සපයන්නාට නොමසුරුව පඬුරක් දෙන්න.
- කෙනෙකු දෙස බලනවිට කෙලින්ම දෙඇස දෙස බලන්න.
- “ස්තූතියි” යන වචනය බහුලව පාවිච්චි කරන්න.
- “කරුණාකර” යන වචනය නොමසුරුව පාවිච්චි කරන්න.
- ඔබේ වත්පොහොසත්කමට වඩා අඩු මට්ටමකින් ජීවත් වන්න.
- ඔබ කැමති වන්නේ යමෙකු විසින් ඔබට කවර අන්දමකින් සලකනු ලැබීමටද, ඔබට හමුවන සෑම දෙනාටම ඒ අන්දමින් සලක්න්න.
- සෑම වසරකදීම ලේ පයින්ට් දෙකක් ප්‍රදානය කරන්න.
- අළුත් මිතුරන් ලබාගන්න. එහෙත් පැරණි මිතුරන් අමතක නොකරන්න.
- රහස් රහස් වශයෙන්ම තබාගන්න.
- වෘත්තියක ඇති වංචා ප්‍රයෝග ඉගෙනීමට කාලය වැය නොකොට එම වෘත්තිය ඉගෙනගන්න.
- ඔබගේ වරදක් ඇති තැන එය පිළිගන්න නිර්භීත වන්න. ඔබ නිර්භීත නොවුවත් නිර්භීත බව පෙන්වන්න. වෙනස කිසිවෙකුටත් දැකිය නොහැක.
- ඔබ ජීවත්වන සමාජ කොට්ඨාශයේ පුණ්‍ය ක්‍රියාවක් තෝරාගෙන ඔබගේ කාලයත් ධනයත් නොමසුරුව එයට කැප කරන්න.
- ඔබ සතු ක්‍රෙඩිට් කාඩ්පත පහසුව සඳහා පමණක් භාවිත කරන්න. ඉන් ණයකරුවකු නොවන්න.
- කිසි දිනක වංචා නොකරන්න.
- වසර පහක් හෝ ඊට වැඩි කාලයක් පරිහරණය කරන්නට බලාපොරොත්තුවන ලීබඩු සහ ඇඳුම් මිලට ගන්නේ නම් ඉස්තරම්ම වර්ගයෙන් මිලදී ගන්න.
- නිර්භීත වන්න. ධෛර්ය සම්පන්න වන්න. ජීවිතයේ අතීතය දෙස බලනවිට ඔබ අතින් ඉටු වූ දෙයට වඩා ඉටු නොවූ දේ ඇතැයි ඔබ දුක්වනවා ඇත.
- කමිටු අමතක කර දමන්න. ලොව පෙරළිකාර උසස් සම්මානනීය අදහස් පහළ වූයේ තනිව කටයුතු කළ පුද්ගලයන් මගිනි.
- මහමග ගී ගයන්නා සමාජයට අනර්ඝ පුද්ගලයෙකි. මඳක් නතර වී සවන්දෙන්න. නොමසුරුව පඬුරක් දෙන්න.
- ගැඹුරු සෞබ්‍ය ගැටළුවක් ඇති අවස්ථාවකදී අඩු වශයෙන් තිදෙනෙකුගෙන්වත් වෛද්‍ය උපදෙස් ගන්න.
- කුණු කසළ ඒ මේ අත දැමීමට එරෙහිව සටන් කරන්න.
- යම් ස්ථානයක සේවා සැපයීම හෝ ආහාර දුව්‍ය හෝ නිෂ්පාදන පහත් මට්ටමක වේ නම් නොපමාව එහි බලධාරීන්ට දන්වන්න. බොහෝ දෙනා එය අගය කරති.
- යමක් කල් නොදමන්න. කළ යුතු දේ කළ යුතු අවස්ථාවේදීම ඉටු කරන්න.
- ඔබේ කටයුතුවල ප්‍රමුඛතා පැහැදිලිව සටහන් කරන්න.
- “මම දන්නේ නැහැයි” කියන්නට පසුබට නොවන්න.
- “මම කණගාටු වෙනවා” යැයි කියන්නට පසුබට නොවන්න.
- මිය යන්නට පෙර ඔබ අතින් ඉටුවිය යුතු කටයුතු විසිපහක ලේඛනයක් පිළියෙල කරගන්න. ඔබේ මුදල් පසුම්බියේ එය තබාගෙන නිතර එය කියවන්න.
- ඔබේ මෑණියන් අමතන්න.
H.Jackson Brown (Junior) – A Father’s Instructions For Life (Readers Digest)
(අමරදාස ගුණවර්ධන – 2009 ජනවාරි 25 සියපත 13 පිටුව)




3 අදහස් දැක්වීම්:
ස්තූතියි මේය සටහන් කලාට.. ගොඩක් වටින උපදෙස් මාලාවක්!
එදිනෙදා ජීවිතයේදී නැවත නැවත සිතන්න කරුණු කාරනා ටිකක්, බොහෝම වටිනව,
අනර්ඝයි
Post a Comment
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.