Sunday, February 22, 2009

Skype 4.0ට එපා කියන ෆයර්ෆොක්ස්

ඔන්න ස්කයිප් එක යාවත්කාලීන කරල ස්ථාපනය කරන්න ගියා. ගූගල් Toolbar එකයි ebay highlighter එකයි කියන දෙක මාරුවෙන් මාරුවට දෙනවා මිස එතනින් එහාට යන්නේ නෑ. ඊට පස්සේ මම ස්කයිප් 4.0 එක සම්පූර්ණයෙන්ම භාගත කරල ස්ථාපනය කරන්න ගියා. ඒත් ප්‍රතිළුලය ඒකමයි. ඒපාර ස්කයිප් එකෙන් අහල ඇරියා. ස්කයිප් එකෙන් එවපු පිළිතුර තමයි ෆයර්ෆොක්ස් පෙරනිමි බ්‍රව්සර් එක ලෙස තිබෙන නිසා මේ ගැටළුව ඇතිවී තිබෙන බව. ස්ථාපනය කිරීම සඳහා පෙරනිමි බ්‍රව්සරය වෙනත් බ්‍රව්සරයකට මාරු කර ස්ථාපනය කරන ලෙස උපදෙස් දී තිබුණා. ඉතිං ෆයර්ෆොක්ස් මාරු කරල ස්කයිප් 4.0 ස්ථාපනය කර ගත්තා. මේ දෝෂය ඉදිරියේ නිරාකරණය කරන බවත් එම පිළිතුරු ලිපියේ සඳහන්. ස්කයිප් ස්ථාපනය කරන්න ගිහින් මම වගේ අමාරුවෙ වැටුණු අය ඇති කියල හිතුණ නිසා මේ සටහන දැම්මේ. ස්කයිප් 4.0 කලින් සංස්කරණයන්ට වඩා තරමක් වෙනස් කර තිබෙනවා. මම නම් මේ වෙනසට කැමතියි.

 

 

5 අදහස් දැක්වීම්:

Aravinda said...

මට නම් ඔය වගේ ප්‍රශ්නයයක් මතු වුණේ නෑ

චරිත said...

මේ ප්‍රශ්නෙ එන්නෙ ෆයර්ෆොක්ස් default web browser එක හැටියට set කරල තියෙනවනම් විතරයි වෙන්න ඕනේ. default browser එක IE වලට මාරු කරල මමත් පස්සේ ස්ථාපනය කරා

Aravinda said...

මගෙත් default web browser එක ෆයර්ෆොක්ස්. ඒත් මට ඔය ප්‍රශ්නේ ආවේ නෑ

චරිත said...

ඔවුන්ගෙන් මට මේ පිළිතුර ලැබුණේ ඊයෙ සවස 5 විතර. දැන් වන විට ඔවුන් එම ගැටළුව නිරාකරණය කරන්න ඇති. ස්කයිප් එකෙන්ම ලබාදුන් විකල්ප විසඳුම තමයි මේ. අවශ්‍ය නම් ලිපියේ පිටපතක් එවන්න පුළුවනි :-)

සාම් said...

මටත් එමමයි
"default browser එක IE" වලට මාරු කරන විදිහ පැහැදිලි කරනවාද

Post a Comment

ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.